පසුගිය සදුදා දිනයේදී ඔවුන්ගේ කොටස් වල අගය 3%කින් ඉහල ගිය අතර ඒ සමග ඔව්න්ගේ වෙළෙඳපොල කොටසක අගය ඩොලර් 182.88 දක්වා වැඩිවිය. මේත් සමගම ඔවුන් වෙළෙඳපොල කොටස් වල වටිනාකම ට්‍රිලියන 3 ඉක්මවූ ලොව පළමු සමාගම බවට පත් වීමේ අවස්ථාව උදාකරගන්නා ලදී.

                           

පසුගිය කාල සිමාව පුරාවටම Apple සමාගම ඔවුන්ගේ කොටස් වල වටිනාකම් එක දිගට වැඩිකරගත් අතර ඔවුන් ට්‍රිලියන 1ක සීමාව ඉක්මවා ගියේ 2018 වසරේ අගෝස්තුවේ දීය. එලෙස 2018 දී ඔවුන් එම අවස්ථාව හිමි කරගත්තේ ට්‍රිලියන 1හි වෙළෙඳපොල වටිනාකම් සීමාව ඉක්මවා ගිය ප්‍රථම US සමාගම ලෙසටයි. ඉන් දෙවසරක කාල සීමාවක් තුලදී එන
ම් 2020 වසරේ අගොස්තුවේදී ඔවුන් වෙලදපොල වටිනාකම ට්‍රිලියන 2 පසු කිරීමට සමත් විය. ඉන් මාස 17ක් වැනි කෙටි කාලයක් තුලදී ඔවුන් ට්‍රිලියන 3 පසු කල ලොව පළමු සමාගම බවට පත්විය.

                                    

2007 වසරේ සමාගම අරඹන විට සහ දැන් අවස්ථාව සලකන විට ඔවුන් 5800% ගුණයකින් ඔවුන්ගේ වත්කම් වැඩිකර ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් පසුගිය වසරේ ඔවුන් අනෙකුත් සමාගම් වලට වඩා අඩු දළ වර්ධන වේගයක් පෙන්වූවත් ඔවුන් වසරේ මුල් සතිය තුලම මෙම ඉලක්කය ලගා කර ගැනීමට සමත්විය.